
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත (online) පද්ධතිය සහ ආදායම් පාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS), බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TINs) ලබාගැනීමට එකවර පැමිණි පරිශීලකයන්ගේ ක්ෂණික වර්ධනයත් සමඟ තාවකාලිකව මන්දගාමී වී ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු පවසයි.
‘ඩේලි නිව්ස්’ පුවත්පත කළ විමසීමකදී ඇය සඳහන් කර ඇත්තේ, විශාල පිරිසක් එකවර පද්ධතියට පිවිසීමට උත්සාහ කිරීම හේතුවෙන් මාර්ගගත පද්ධතියට සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති බවයි. කෙසේවෙතත්, පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කළ ඇය, යම් ප්‍රමාදයන් පැවතියද පද්ධතිය තවදුරටත් ක්‍රියාත්මක වන බව පැහැදිලි කර තිබේ.
“මාර්ගගත පද්ධතිය බිඳවැටී නැහැ. නමුත් විශාල පිරිසක් එකවර පද්ධතියට පිවිසීමට උත්සාහ කළ නිසා යම් මන්දගාමී තත්ත්වයක් ඇති වුණා” යැයි ඇය සඳහන් කරයි.
කෙසේවෙතත්, තමන්ට තවමත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු පද්ධතියට පිවිසීමට නොහැකි බව මහජනතාව දිගින් දිගටම පවසති.
දෙපාර්තමේන්තුව විසින් විශාල විද්‍යුත් තැපැල් (emails) සංඛ්‍යාවක් යැවීමට කටයුතු කරමින් සිටින අතර, එයද පද්ධතියට අමතර බලපෑමක් එල්ල කර ඇති බව ඇය වැඩිදුරටත් පැහැදිලි කරයි. මෙම ගැටලුව විසඳීමට පියවර ගනිමින් සිටින අතර, කටයුතු ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බවද ඇය සඳහන් කරයි.
නොවැම්බර් 30 වැනිදා අවසන් දිනයට පෙර බදු වාර්තා ගොනුකිරීමේදී සිදුවිය හැකි ප්‍රමාදයන් පිළිබඳව ඇතිවී තිබෙන බිය දුරු කරමින් ඇය පවසන්නේ, වැඩිවන ඉල්ලුමට සපයා දිය හැකි වන පරිදි පද්ධතිය යාවත්කාලීන කර ඇති බවයි.
“අපි පෙර අවස්ථාවට වඩා පද්ධතියේ ධාරිතාව දෙගුණයක් කර තිබෙනවා. වැඩි පිරිසකට එකවර භාවිතා කළ හැකි වන පරිදි කලාප පළල (bandwidth) සහ පද්ධතිය යන දෙකම යාවත්කාලීන කර තිබෙනවා” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart