
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩුබායිහි රැකියා සඳහා පිටත්ව ගොස්, ආපසු පැමිණීම සඳහා ගුවන් ටිකට්පතක් මිලදී ගැනීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 40කට අධික පිරිසකට අත්වැලක් වීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පසුගියදා ඉදිරිපත් වී ඇත.
ඔවුන්ට අවම වියදමකින් සුරක්ෂිත ලෙස නැවත මෙරටට පැමිණීමට අවශ්‍ය කටයුතු යෙදීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වනවිට ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමග කටයුතු කරන බව වාර්තා වේ.
ඩුබායි නගරයේ රැඳී සිටින මෙම පුද්ගලයන් කණ්ඩායම් වශයෙන් මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇත.
ඒ අනුව මේ අතුරින් පළමු කණ්ඩායම පසුගිය අගෝස්තු 23 වැනිදා UL 226 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart