
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොවිඩ්-19 වසංගතය අතරතුර ඇඩිලේඩ් හදිසි ප්‍රතිකාර අංශයෙන් කිහිපවතාවක්ම උපකාර පැතූ ශ්‍රී ලාංකිකයකුගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.
23 හැවිරිදි සචින්ත බටගොඩගේ 2020 නොවැම්බරයේ දින පහක් ඇතුළත තෙවරක් රෝයල් ඇඩිලේඩ් රෝහලෙන් උපකාර ඉල්ලා ඇති බව හදිසි මරණ පරීක්‍ෂක අධිකරණය විසින් හෙළිකරගෙන තිබේ.
ඔහු මිය යෑමට පෙර කැස්ස සහ ලේ වමනය කරන බව පවසමින් මෙලෙස රෝහලින් උපකාර ඉල්ලා ඇති බව එලෙස හෙළිවී ඇත.
ඔහු එම වසරේම ඔහුගේ බිරිඳ වන යෙලනි පෙරේරා සමඟ ඇඩිලේඩ් වෙත ගොස් ඇති අතර, ඇය විදේශීය ශිෂ්‍යාවක් ලෙස අධ්‍යාපනය ලබමින් සිටියදී පිරිසිදු කරන්නියක ලෙස රැකියාව කරමින් සිට ඇත.
යෙලනි පෙරේරා මෙලෙස රෝහලින් උපකාර ඉල්ලා ඇති නමුත්, නියමිත කාලයේදී ප්‍රතිකාර නොලැබ සචින්ත බටගොඩගේ මරණයට පත්ව තිබේ.
වෛද්‍ය වෘත්තිකයන්ට දැනුම්දීම සඳහා සචින්ත බටගොඩගේ කැස්ස සහ වමනය කරන රුධිරයේ ඡායාරූප සහ වීඩියෝ ගත කර ඇති බව උසාවියේදී අනාවරණයවී ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් නඩු විභාගය අඛණ්ඩව පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart