
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුවාර 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයට පිවිසීමට ශ්රී ලංකාව තබා තිබූ බලාපොරොත්තුව අද බිඳවැටිණි.
බංග්ලාදේශය හා දකුණු අප්රිකාව හමුවේ පළමු දෙක පරාජයට පත්වූ ශ්රී ලංකා කණ්ඩායම නේපාලය සමඟ අද තරගයට පිවිසිමට සිටියද ඊට වර්ෂාවෙන් බාධාවූ තරගය අත්හැර දැමීමට තරග තීරකවරු තීරණය කළහ.
ඒ අනුව, ශ්රී ලංකාව නේපාල තරගය අද අලුයම 5ට ෆ්ලොරීඩා හි දී ආරම්භ වීමට නියමිතව තිබු තරගය උදැසන 06ට අත්හැරදමන ලදී.
අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවනු ඇතැයි ඊයේ දිනයේදීම සඳහන් කර තිබිණි.
මෙම තරගය අත්හැරදැමීම හමුවේ දකුණු අප්රිකාව සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත්විය.
මෙවර ලෝක කුසලානයේ මූලික වටය යටතේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය නෙදර්ලන්තයට එරෙහිව එළඹෙන 17වැනිදා පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart