
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද, ඉන්දියාවේ IPL තරගාවලියට තරග වදින කණ්ඩායම් දහයම තමන් රඳවා තබාගන්නා ක්රීඩකයන් සහ එළඹෙන 2024 සංස්කරණය සඳහා මුදාහරින ක්රීඩකයින් ප්රකාශයට පත් කර ඇත.
ඒ අතරින් ශ්රී ලංකාවේ වනිඳු හසරංග සහ දසුන් ශානක ඇතුළු ශ්රී ලංකා ක්රීඩකයන් කිහිපදෙනකු පිළිවෙළින් රෝයල් චලෙන්ජෙර්ස් (Royal Challengers Bangalore) සහ ගුජරාට් ටයිටන්ස් (Gujarat Titans) වෙතින් නිදහස් කර ඇත.
එමෙන්ම පන්ජාබ් කිංග්ස් කණ්ඩායම භානුක රාජපක්ෂ සංචිතයෙන් නිදහස් කර තිබේ.
කෙසේවෙතත්, ඉදිරි තරග වාරය සඳහා ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ සහ දඟ පන්දු යවන ක්රීඩක මහේෂ් තීක්ෂණ තවදුරටත් රඳවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කර ඇත.
IPL 2024 ක්රීඩක වෙන්දේසිය දෙසැම්බර් 19 වැනිදා ඩුබායි හි Coca-Cola Arena හිදී පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart