
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොරියානු ජනරජයේ 25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වෙමින් සිටින ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම අදාළ භූමියෙන් හදිසියේ ඉවත්කර තිබේ.
අද (අගෝස්තු 09 වන දින) කොරියානු ජනරජයට බලපෑමට නියමිත ‘ඛානුන්’ සුළි කුණාටුව හේතුවෙන් අගෝස්තු 08 වන දින Saemangeum Jamboree අඩවියෙන් මෙම පිරිස ආරක්ෂිතව ඉවත් කරන ලද බව එරටින් දැනුම්දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
බාලදක්ෂ කණ්ඩායම සෝල් නගරයට නුදුරින් පිහිටි Cheonan හි Dangkook විශ්වවිද්‍යාලය වෙත ගෙන ගොස් ඇත.
“ශ්‍රී ලංකා බාලදක්ෂයන් නිරුපද්‍රිතව ඔවුන්ගේ නව නවාතැනට පැමිණ ඇති අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙති. ඔවුන් ඔවුන්ගේ නව ස්ථානයේ යම් යම් ක්‍රියාකාරකම් සහ වැඩසටහන් දිගටම කරගෙන යනු ඇත. කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජම්බෝරියට සහභාගී වන සියලුම ශ්‍රී ලාංකික බාලදක්ෂයින්ගේ අඛණ්ඩ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමේ කළමනාකාරිත්වය මෙන්ම අදාළ දකුණු කොරියානු බලධාරීන් සමඟ සමීපව සම්බන්ධ වී සිටී.” යැයි විදේශ කටයුතු අමාත්යංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මෙම ලෝක බාලදක්ෂ ජම්බෝරියට ලොව පුරා රටවල් 155ක බාලදක්ෂයෝ 40,000කට ආසන්න පිරිසක් එක්ව සිටිති.
ඔවුන් සියලුදෙනාම මෙම සුළි කුණාටුව හේතුවෙන් කඳවුරු භූමියෙන් ඉවත්කර ඇත.
ඒ සඳහා බස් රථ 1000ක් යොදවා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart