
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්තය සමග ලන්ඩන්හි ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය අභියසට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැමිණ තිබේ.
තරගයේ පළමු ඉනිමට එංගලන්තය ලකුණු 325ක් රැස්කළ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පලමු ඉනිම ලකුණු 263කට සීමාවිය.
ඒ අනුව, පළමු ඉනිමේ ලකුණු 62ක් අතැතිව දෙවන ඉනිම ඇරැඹු එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන්ට පිටියේ සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබනොදුන්නේ ඔවුන් ලකුණු 156කට සීමා කරමින්ය.
එහිදි විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ ලහිරු කුමාර කඩුලු 04ක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 03ක් බිද හෙළීමට සමත් වුහ.
එහිදී අසිත ප්‍රනාන්දු කඩුලු 02ක් සහ මිලාන් රත්නායක කඩුල්ලක් ලබාගත්හ.
ඒ අනුව, එංගලන්තය ලබාදුන් ලකුණු 219ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ තුන්වැනි දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 94ක් ලබාසිටියේය.
පළමු ඉනිමේ අර්ධ ශතකයක් රැස්කළ පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 53ක් සහ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 30ක් රැස්කරගෙන සිටියහ.
තරගය ජයග්‍රහණය සදහා කඩුලු 09ක් අතැතිව සිටින,ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 125ක් අවශ්‍යව තිබේ.
අද තරගයේ 04 වැනි දිනයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart