
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්රිකට් තේරීම් කමිටුව විසින් පන්දුවාර 20 ක්රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා වන 15 දෙනකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතය තෝරාගෙන තිබේ.
මෙම සංචිතය ක්රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්රනාන්දු විසින් අනුමත කරන ලදී.
ඒ අනුව,පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සදහ වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායම ලබන 14 වැනිදා දිවයිනෙන් පිටත්ව යනු ඇත.
ලෝක කුසලානය 2024 ජුනි 1 සිට 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වේ.
නම් කළ සංචිතය
1) වනිඳු හසරංග – නායක
2) චරිත් අසලංක – උප නායක
3) කුසල් මෙන්ඩිස්
4) පැතුම් නිස්සංක
5) කමිඳු මෙන්ඩිස්
6) සධීර සමරවික්රම
7) ඇන්ජලෝ මැතිව්ස්
8) දසුන් ශානක
9) ධනංජය ද සිල්වා
10) මහේෂ් තීක්ෂණ
11) දුනිත් වෙල්ලාලගේ
12) දුෂ්මන්ත චමීර
13) නුවන් තුෂාර
14) මතීෂ පතිරණ
15) ඩිල්ෂාන් මධුශංක
සංචාරක සංචිත
1. අසිත ප්රනාන්දු
2. විජයකාන්ත් වියස්කාන්ත්
3. භානුක රාජපක්ෂ
4. ජනිත් ලියනගේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart