
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශ කටයුතු ඇමැති අලි සබ්රි විසින් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා හදිසියේ අමාත්‍යාංශය වෙත කැඳවා තිබේ.
මෙම කැඳවීමට හේතුව වී ඇත්තේ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෑතකදී කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් කරුණු විමසීමටය.
කැනේඩියානු අගමැතිවරයා විසින් ප්‍රකාශ කරන ලදැයි කියන ‘ශ්‍රී ලංකාවේ ජන සංහාරය’ සම්බන්ධ ප්‍රකාශයට විරෝධතාව පළකිරීම සඳහා ඇමැති අලි සබ්රි කැනේඩියානු මහ කොමසාරිස්වරයා මෙලෙස කැඳවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් බ්‍රහස්පතින්දා (මැයි 18) නිකුත් කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලදී.
පෙරේදා (18) දිනය ශ්‍රී ලංකාවේ ‘දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය’ ලෙස ඇතැම් පාර්ශව විසින් හැඳින්වීම අගය කරමින් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
කැනේඩියානු නායකයා සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ, “අද අපි ආවර්ජනය කරන්නේ වසර 14කට පෙර අවසන් වූ ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමේදී සිදුවූ ඛේදනීය ජීවිත හානි පිළිබඳවයි. මුල්ලිවයිකාල්හි සමූලඝාතනය ඇතුළුව දස දහස් ගණනක දෙමළ ජනයාගේ ජීවිත අහිමි වූ අතර තවත් බොහෝ පිරිසක් අතුරුදහන් විය. තවත් පිරිසකට තුවාල සිදුවූ අතර ඇතැමුන් අවතැන් විය. අපගේ සිතුවිලි වින්දිතයන්, දිවි ගලවාගත් අය සහ ඔවුන්ගේ ආදරණීයයන් සමඟ මෙම අඥාන ප්‍රචණ්ඩත්වය නිසා ඇති වන වේදනාව සමඟ දිගටම ජීවත් වේ” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart