
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක රග්බි කවුන්සිලය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත්කර තිබේ.
ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි ප්‍රකාශකර ඇත්තේ, මීට දින කිහිපයකට පෙර ලෝක රග්බි කවුන්සිලය පැරීසියේ පැවති රැස්වීමකදී ශ්‍රී ලංකා රග්බි තහනම ඉවත්කිරීම තහවුරු කළ බවත් එය නිල වශයෙන් ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කරනු ඇති බවත්ය.
කයිස් අල් දලායි මේ බව ප්‍රකාශකර තිබුණේ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ සමග අද පෙරවරුවේ ඩුබායිහිදී පැවති හමුවකදීය.
තවද, රග්බි ක්‍රීඩාවේ දියුණුවට සැළකිව යුතු දායකත්වයක් ලබා නොදෙන සංගම්වල ඡන්ද අයිතිය ඉවත්කිරීම සහ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම පිළිබඳ එහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.
ශක්තිමත් පාලන ව්‍යුහයක් නිර්මාණය කර ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ඉදිරියේදී ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වීමට අවස්ථාව ලබාදීම පිළිබඳ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ලෝක සහ ආසියානු රග්බි සම්මේලනයේ නිලධාරීන්ට ස්තූතිය පළකළ බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart