
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුරෝපා සංගමයේ වෙළඳපොළ සඳහා GSP +(සාමාන්‍ය මනාප යෝජනා ක්‍රමය) වෙළඳ පහසුකම වෙනුවෙන් ශ්‍රී ලංකාවට නැවත අයැදුම් කිරීමට සිදුව ඇත. ඊට හේතුව 2024 සහ 2034 අතර කාලසීමාව සඳහා GSP + වෙළඳ පහසුකම වෙනුවෙන් යුරෝපා කොමිසම විසින් නව සංශෝධිත නිර්ණායක හඳුන්වාදීමයි.
යුරෝපා කොමිසම, 2021 සැප්තැම්බර් 22 දින, ඉදිරි දස වසරක කාලය සඳහා GSP + වෙළඳ පහසුකම වෙනුවෙන් නව ව්‍යවස්ථාදායක යෝජනාවක් සම්මත කළේය.
දැනට පවතින GSP රෙගුලාසිය මේ වසර අවසන් වන විට අවසන් වීමට නියමිතය. මෙම යෝජනා ක්‍රමය, එහි ප්‍රධාන අංග කිහිපයක් වැඩිදියුණු කරමින් ඉදිරියට ගෙන යෑමට යෝජනා කරන බව යුරෝපා කොමිසම පවසයි.
වාර්තා සඳහන් කරන ආකාරයට GSP + වෙළඳ පහසුකම වෙනුවෙන් අලුතින් අයැදුම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් විදේශ ඇමැතිවරයා විසින් ඇමැති මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් විදේශ ඇමැති අලි සබ්‍රි පසුගිය සඳුදා යුරෝපා විදේශ ක්‍රියාකාරී සේවයේ ආසියා සහ පැසිෆික් කලාපයේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ පෝලා පැම්පලෝනි (Paola Pampaloni) සමඟ විශේෂ සාකච්ඡාවකද පවත්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart