
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රතිපත්තිමය කරුණු සහ වගවීම තුළින් ගෝලීය සාමය සහ ආරක්ෂාව ඉදිරියට ගෙනයෑම සඳහා කැපවන බව ශ්‍රී ලංකාව යළි තහවුරු කර තිබේ.
ඒ, ජර්මනියේ බර්ලින් නුවර පැවැති 2025 එක්සත් ජාතීන්ගේ සාමසාධක අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ඇතුළු දූත පිරිසක් සහභාගී වූහ.
සාමසාධක අමාත්‍ය මණ්ඩල රැස්වීම අමතමින් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව වෘත්තීයභාවය, විනිවිදභාවය සහ මානව ගරුත්වය ආරක්ෂා කිරීම, විශේෂයෙන් ආරක්ෂක සහ ආරක්ෂක අංශ තුළ ශක්තිමත් කිරීම අරමුණු කරගත් පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සිදුකර ඇති බවයි.
මෙම ප්රයත්නයන් මානව හිමිකම් සහ ඒකාග්‍රතාවයේ ඉහළම ප්රමිතීන් ආරක්ෂා කරමින් වර්ධනය වන ගෝලීය අභියෝගවලට මුහුණදීමට ශ්‍රී ලංකාව දක්වන සූදානම පිළිබිඹු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පවසා ඇත.
එමෙන්ම ගෝලීය සාම ප්රයත්නයන් සඳහා වඩාත් අර්ථවත් ලෙස දායකවීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, එක්සත් ජාතීන්ගේ සාමසාධක සහ සාමය ගොඩනැගීමේ දූත මණ්ඩලවලට සහාය දැක්වීම සඳහා වැඩි වගකීම් භාරගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බවත් ඔහු සඳහන් කර තිබේ.
එබැවින් ඵලදායි, ප්‍රතිචාරාත්මක සහ ඔරොත්තු දෙන සාම සාධක කටයුතුවල හවුල් අරමුණු ඉදිරියට ගෙනයෑම සඳහා ශ්‍රී ලංකාව විශ්වාසනීය සහ දක්ෂ හවුල්කරුවකු ලෙස සළකන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart