
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජාතික මැතිවරණයකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය මහා සන්ධානයක් පිහිටුවීමට බොහෝ දුරට ඉඩ ඇති බව ඇතැම් ඉංග්‍රීසි වෙබ් අඩවි වාර්තා කර ඇත.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා මූලික අදියරේ පවතින අතර රට පාලනය සම්බන්ධයෙන් පොදු ප්‍රතිපත්තියක් සහ රාමුවකට දෙපාර්ශවය එකඟවීමට උත්සාහ කරමින් සිටින බව එම වාර්තා සදහන් කරයි.
මෙම පියවර සඳහා බහුතර එකඟතාවක් තිබේද යන්න තවමත් පැහැදිලි නැතත්, ඉදිරි මැතිවරණයකදී දෙපාර්ශවයටම ජයග්‍රහණය කළ හැකි එකම මාර්ගය සන්ධානගතව එක්ව කටයුතු කිරීම බව දෙපාර්ශ්වයේම අදහස බව දැනගන්නට ඇත.
මේ වන විට විපක්ෂයේ සිටින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහාය මෙම සන්ධානයට ලබාගැනීමට උත්සාහ කිරීම එජාප ප්‍රධාන සාමාජිකයින්ට පැවරී ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
එජාප-ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාකච්ඡාකරුවන්, විපක්ෂයට ගොස් සිටින හෝ ස්වාධීන මන්ත්‍රීවරුන් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැරලිකාර කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට ද අපේක්ෂා කෙරේ.
මේ අතර, 2024 වසර සඳහා වන අයවැය යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එජාපය මේ වන විටත් එකඟතාවකට පැමිණ ඇති බව දැනගන්නට ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ලබන වසරේ පැවැත්වෙන බව කියන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව එම පක්ෂය ප්‍රකාශ කරයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරග කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ කුමන කාර්යභාරයක් ඉටු කරයිද යන්න තවමත් පැහැදිලි නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart