
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
BookRetreats.com ආයතනය විසින් නිකුත් කරන ලද නවතම ‘State of Retreats 2026’ වාර්තාවට අනුව, 2026 වසරේ ලොව වේගයෙන්ම ප්‍රචලිත වන සුවතා සංචාරක (Wellness Destination) ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට තේරී පත්ව ඇත.
අදාළ වෙබ් අඩවිය හරහා ශ්‍රී ලංකාව කෙරෙහි සංචාරකයින් දැක්වූ උනන්දුව පෙර වසරට සාපේක්ෂව සියයට 100 ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, ඒ අනුව ලොව වේගයෙන්ම වර්ධනය වන සුවතා සංචාරක ගමනාන්ත අතර ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
මෙම ගෝලීය දර්ශකයේ මුල් රටවල් 10 අතරට ආසියානු කලාපයෙන් නේපාලය (6 වැනි ස්ථානය) සහ තායිලන්තය (7 වැනි ස්ථානය) ද ඇතුළත් ය.
ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරකයින් 1,040 දෙනෙකු යොදාගනිමින් සිදුකළ සමීක්ෂණයක් ඇසුරින් මෙම වාර්තාව සකස් කර ඇත.
එහිදී හෙළි වී ඇත්තේ ඉන් සියයට 49 ක්ම 2026 වසරේදී සුවතා සංචාරයක් (Wellness Retreat) සඳහා මුදල් වැයකිරීමට සැලසුම් කර ඇති බවයි.
සාම්ප්‍රදායික විවේකී සංචාරයන්ගෙන් ඔබ්බට ගොස් කායික, මානසික සහ ආධ්‍යාත්මික සුවතාවය මුල් කරගත් සංචාරයන් කෙරෙහි ලෝක ප්‍රවණතාවක් ඇති වෙමින් පවතින බව මින් පැහැදිලි වෙයි.
වසර 2,000 කට වඩා පැරණි ශ්‍රී ලංකාවේ ආයුර්වේද උරුමය මෙම ආකර්ෂණයට ප්‍රධානතම හේතුව වී තිබේ.
වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන ආයුර්වේද ප්‍රතිකාර, යෝගා ශ්‍රේණි සහ පරිපූර්ණ සුවතා අත්දැකීම් තරඟකාරී මිල ගණන් යටතේ මෙරටින් ලබාගත හැකි වීම විශේෂත්වයකි.
BookRetreats.com වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාවේ දින 3-4 ක සුවතා සංචාරක පැකේජයක් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 372 ක වැනි අවම මුදලකින් ආරම්භ වෙයි.
එමෙන්ම, මෑතකදී ශ්‍රී ලංකාව හඳුන්වා දුන් සංචාරක හිතකාමී ප්‍රතිපත්ති ද මීට බෙහෙවින් ඉවහල් වී ඇත.
2026 මැයි 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රටවල් 40 ක සංචාරකයින් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරකයින්ට වඩාත් සහනදායී ගමනාන්තයක් බවට පත්විය.
“සාධාරණ මිල ගණන්වලට අමතරව, මෝසම් කාලගුණ රටා දෙකක් පැවතීම හේතුවෙන් වසරේ ඕනෑම කාලයකදී ශ්‍රී ලංකාවේ එක් වෙරළ තීරයකට හිරු එළිය හොඳින් පවතියි. එමෙන්ම, මෙරට වෙසෙන වන අලි සහ නිල් තල්මසුන් නැරඹීමේ අවස්ථාව ද පවතින බැවින්, සුවතා සංචාරකයින්ට යෝගා සහ ඖෂධීය ප්‍රතිකාරවලින් බාහිරව විනෝද වීමට බොහෝ දේ ශ්‍රී ලංකාව තුළ ඇත,” යනුවෙන් ද එම වාර්තාවේ සඳහන් වේ.
ගෝලීය සුවතා සංචාරක කර්මාන්තය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර, Global Wellness Institute ආයතනය පුරෝකථනය කරන්නේ 2027 වන විට මෙම ක්ෂේත්‍රයේ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4 ක් දක්වා ඉහළ යනු ඇති බවයි.
2026 වසරේ ලොව ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත 10:
1 ශ්‍රී ලංකාව
2 ඕස්ට්‍රේලියාව
3 මොරොක්කෝව
4 එංගලන්තය
5 ස්පාඤ්ඤය
6 නේපාලය +
7 තායිලන්තය
8 මෙක්සිකෝව
9 කොස්ටාරිකාව
10 කැනඩාව
ශ්‍රී ලංකාව ලබාගත් මෙම ඉහළම ස්ථානය හේතුවෙන් මෙරට සුවතා සංචාරක ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් වන අතර, ඉහළ ආදායම් ලබන විදේශීය සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීමට ගන්නා උත්සාහයන්ට මෙය මහඟු පිටුවහලක් වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart