
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිවිල් වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන් නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රියාවලියක් මෙම වසර ඇතුළත ක්‍රියාත්මක කිරීමට අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
බන්ධනාගාර තදබදය අවම කිරීම මෙහි අරමුණ වී ඇත.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි දිසානායක සඳහන් කළේ, අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නීති සම්පාදනය කරමින් සිටින බවත්, එම ක්‍රියාවලිය අවසන් වූ පසු පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අවශ්‍ය බවයි.
සිංගප්පුරුව ඇතුළු බොහෝ රටවල මෙම ක්‍රමය භාවිත කරන බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
ඒ අනුව, එම නියෝගයේ දක්වා ඇති කාලසීමාව තුළ වැරදිකරුවන්ට නිවෙස් තුළ රැඳී සිටීමටත්, උපදේශන හෝ පුනරුත්ථාපන සැසිවලට සහභාගි වීමටත් සිදු වේ.
ඔවුන් සිටින ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික චිපයක් හෝ ඔරලෝසුවක් පැළඳිය යුතු බවද ඔහු පැවැසීය.
රට පුරා බන්ධනාගාර 30ක රැඳවියන් 13,000ක් පමණ රඳවා තබා ගැනීමට පහසුකම් තිබුණද 33,000කට අධික රැඳවියන් පිරිසක් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෑතකාලීන දත්ත පෙන්වා දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart