
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා එරට පවතින ගුවන් නීතිය නොසළකා විහාරස්ථානයක චෛත්‍යයක් ඉදිකිරීමට අවසර ලබාදුන් බව ටෙක්සාස් බෞද්ධ සංගමයේ ලේකම් සහ ගෝතම බුද්ධ විහාරයේ විහාරාධිපති ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති හිමියෝ ඊයේ (29දා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැසූහ.
ගුවන්යානා ගමන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් එරට නීතිය අනුව අඩි 75ක් ඉහළට නිර්මාණයක් කිරීමට අවසර නැතත්, මෙම චෛත්‍ය අඩි 175ක් ඉහළට ඉදිකිරීමට අනුමැතිය ලබාදුන් බවද උන්වහන්සේ සඳහන් කළහ.
බෞද්ධ භික්ෂුන් වහන්සේ අමෙරිකාව තුළ නිවැරැදි ධර්ම චාරිකාවේ යෙදීම පිළිබඳව එරට බලධාරීන්ගේ ප්‍රශංසාවට ලක්ව සිටින බවත්, ඒ අනුව පවතින නීතිය නොසළකා මෙම අවසරය ලැබුණු බවත් විමලකිත්ති හිමියෝ පැවැසුහ.
ටෙක්සාස්හි 2026 ජාතික වෙසක් දිනයට සමගාමීව මෙම චෛත්‍ය ඉදිකරන බව කී එහිමියෝ, මෙම චෛත්‍ය ඉදිකර අවසන් වන විට ඩොලර් මිලියන 200ක් වැයවෙතැයි ගණන් බලා ඇතැයි ප්‍රකාශ කළහ.
එසේම කිරිගරුඬ ගල් ස්තූප 840ක් තුළ භාෂා 10කින් ත්‍රිපිටක කැටයම් කිරීමට සැලසුම් කර ඇතැයි කී උන්වහන්සේ, අක්කර 14ක් පුරා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියට, ඇමරිකානු හා වියට්නාම් ජාතිකයන් ආධාර ලබාදෙන බව පැවැසුහ.
ටෙක්සාස් ප්‍රාන්තය 2026 වසරේ මැයි මස 15 වැනිදා සිට සෑම වසරකම මැයි 15 වැනිදා ජාතික වෙසක් දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතැයිද එහිමියෝ කීහ.
ඇමරිකා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණි භික්ෂුන් වහන්සේ ප්රමුඛ බෞද්ධ දූත කණ්ඩායම මේ අවස්ථාවට එක්ව සිටියහ.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart