
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද සුඛෝපභෝගී යතුරුපැදි 21ක් ගබඩාවකින් සොයාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි හම්බන්තොට නාගරවැව ප්‍රදේශයේ කුරුලු උද්‍යානයේ හිමිකරු අජිත් ගාල්ලගේවන ඇප මත මුදාහැර තිබේ.
ඒ, හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය අද නිකුත් කළ නියෝගයකට අනුවය.
රුපියල් 200,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරිණි.
ජුලි 12 වැනි දින මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් හම්බන්තොට කුරුලු උද්‍යානයක ගබඩා ස්ථානයක තිබී නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද බව පැවසුණු එම යතුරුපැදි 21 ක් අත්අඩංගුවට ගෙන තිබිණි.
වැඩබලන පොලිස්පතිවරයාට ලැබුණු විශේෂ තොරතුරකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටළීම සිදුකර ඇත.
සැකකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැණුනේ ඉන් අනතුරුවය.
මුදාහැරුණු සැකකරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදේශකයකු ලෙස කටයුතු කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart