
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අන්තර්ජාතිකව අධීක්ෂණය කරන ලද පරීක්ෂණයක් අවශ්‍ය බවට කරන ඉල්ලීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට නිරීක්ෂණය වන්නේ යැයි අන්තර්ජාතික විශ්ලේෂකයන් සදහන් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජීනිවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක සදහන් කළේ, ශ්‍රී ලංකාව පවතින යාන්ත්‍රණයන් හරහා සිද්ධීන් විමර්ශනය කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි.
“ අදාළ මාධ්‍ය විශ්ලේෂණයේ දී පක්ෂග්රාහී මූලාශ්‍රවලින් වැරදි සහ තහවුරු නොකළ තොරතුරු භාවිතා කිරීමට උත්සාහ කිරීම කණගාටුවට කරුණක්. ශ්‍රී ලංකාව මෙම කවුන්සිලයට පුන පුනා දන්වා ඇති පරිදි, මෙම ප්‍රහාර සම්බන්ධයෙන් රජය විසින් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ඇතුළු පුළුල් විමර්ශනයක් සිදු කර ඇති අතර, එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.” යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
“රජයේ බලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂණ සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, එක්සත් ජනපදයේ FBI සහ INTERPOL ඇතුළු ජාත්‍යන්තර වෘත්තීය ආයතනවලද සහය ලබා ගත්තා. 2023 අප්‍රේල් වන විට, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ කරුණු සම්බන්ධයෙන් 79 දෙනෙකුට අධිචෝදනා ගොනු කර තිබෙනවා. 2023 ජනවාරි 12 වැනි දින ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා, රාජ්‍ය බුද්ධි සේවා අධ්යක්ෂ, ආරක්ෂක ලේකම් සහ ජාතික බුද්ධි ප්‍රධානියාට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ තීන්දුව ද ප්‍රකාශයට පත් කර තිබෙනවා යැයි, ඇය මෙහිදී පෙන්වා දී තිබේ.
ප්‍රමාද වී මතු වූ ගැටළු විසඳීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බවත් අදාළ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවත්.” ඇය සදහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart