April 21, 2023

මාස 11කට පසුව මෙරට උද්ධමනය 50% සිමාවෙන් පහළට පැමිණ තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 මාර්තු මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය ප්‍රකාශ කර ඇත්තේ 49.2%ක් ලෙසිනි. 2023 පෙබරවාරි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 53.6%ක් ලෙස වාර්තා විය.

මෙලෙස ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 50% සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ 2022 මැයි මාසයෙන් පසුවය. මෙහිදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2023 පෙබරවාරි මාසයේ සී 49.0% සිට 2023 මාර්තු මාසයේ දී 42.3% ක් දක්වා අඩු වී ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2023 පෙබරවාරි මාසයේ දී 57.4% සිට 2023 මාර්තු මාසයේ දී 54.9%ක් දක්වා පහළ ගොස් තිබේ.