September 24, 2026

අලුතින් නියම කෙරෙන විශ්‍රාම යෑමේ වයස කුමක් වුවත්, විනිසුරුවරුන්ට තමන්ගේ සම්පූර්ණ විශ්‍රාම වැටුප සහිතව කළින් විශ්‍රාම යෑමේ හැකියාව පවතින බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද පාර්ලිමේන්තුවට පැවසීය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.