September 24, 2026

විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලි සැපයුම විසන්ධි කිරීමට පැමිණි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකුට පහරදුන් බව කියන හලාවත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු මාදම්පේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ හලාවත, ආනන්ද මාවතේ පදිංචි විදුලිබල මණ්ඩලයේ විදුලිය සිඳලීමේ නියෝජිතයකු ලෙස සේවය කරන අයෙකි.

පහරදීමෙන් තුවාල ලැබූ විදුලිබල මණ්ඩල සේවකයා ප්‍රතිකාර සඳහා හලාවත මහරෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.