
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු ආසියාවේ වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වන අතර, ඉන්දියාවට වඩා බෙහෙවින් අඩු අලි ගහණයක් සිටිය ද, අලි-මිනිස් ගැටුම හේතුවෙන් ලෝකයේ ඉහළම අලි මරණ අනුපාතය ඇති රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා වන බව වනජීවී නිලධාරීහු පෙන්වාදෙති.
ඉන්දියාවේ ඇස්තමේන්තුගත අලි ඇතුන් 20,000–27,000 ක් සිටියද, ශ්‍රී ලංකාවේ සිටින්නේ 6,000–7,000 ක් පමණි.
කෙසේවෙතත්, නිල සංඛ්‍යාලේඛනවලින් පෙනීයන්නේ ශ්‍රී ලංකාවේ සෑම වසරකම මියයන අලි සංඛ්‍යාව එම සතුන්ගේ ගහණයට සමානුපාතිකව කලාපයේ ඉහළම අගය බවයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, 2025 දෙසැම්බර් මැද භාගය වන විට මෙම වසර තුලදී වන අලි 397 ක් මියගොස් ඇත.
2024 වසරේදී එම අගය 388ක් ලෙස වාර්තා වූ අතර 2023 වසරේදී මෙරටින් වන අලි මරණ 488 ක් වාර්තා විය.
එබැවින් අලි-මිනිස් ගැටුම අවම කිරීම සහ මෙරට ඉතිරිව සිටින වන අලි ගහණය ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් පියවර ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවයක් පවතින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවසයි.
මෙරටින් වාර්තා වන වන අලි මරණවලින් වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ අලි-මිනිස් ගැටුම් හේතුවෙනි.
වෙඩි තැබීමෙන් ලද තුවාල, නීතිවිරෝධී විදුලි වැටවල්, දුම්රිය ගැටීම් සහ ආහාරවල සඟවා ඇති හක්කපටස් සහ වැඩිදියුණු කළ පුපුරන ද්‍රව්‍ය භාවිතය අලි ඇතුන් මියයෑමට සම්බන්ධ මිනිස් ක්‍රියාකාරකම් වේ.
මෙම වසරේ සිදු වූ මුළු මරණවලින් අලි ඇතුන් 71 දෙනකු වෙඩිතැබීම් හේතුවෙන් සිදුව ඇති අතර, 56 දෙනෙ\කු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ. 46 දෙනෙකු දුම්රිය අනතුරු වලින් මියගොස් ඇත.
තවත් වන අලින් 20 දෙනකු හක්කපටස් හේතුවෙන් මියගොස් ඇත. විෂ ශරීරගත වීමෙන් අලි දෙදෙනකු මියගොස් ඇති අතර, පසුගිය සතියේ මිහින්තලේ සීප්පුකුලමේදී පුද්ගලයින් තිදෙනෙකු විසින් ගිනිතැබීමෙන් පසු එක් අලියෙකු මියගිය කම්පන සහගත සිදුවීම වාර්තා විය.
දිට්වා සුළි කුණාටුවෙන් පසු තත්වය තවත් නරක අතට හැරී ඇති බව පවසන පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පැහැදිලි කරන්නේ, විදුලි වැටවලට හානිවීමෙන් වන අලි ගම්මානවලට කඩාවැදීම ඉහළ ගොස් ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart