
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා නම්කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරුන් යෝජනා කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, ජනාධිපතිවරණය නොකැදවා යම් හෙයකින් මහමැතිවරණයක් පැවැත්වුවහොත් මෛත්‍රිපාල සිරිසේන අගමැති අපේක්ෂකයා ලෙස තරග කළ යුතු බවටද ඔවුන් යෝජනා කර ඇත.
ඉදිරි මැතිවරණ සඳහා විපක්ෂයේ පක්ෂ සමග සන්ධානගතව ඉදිරිපත් වන්නේ නම්, එම සන්ධානයේ නායකත්වය දැරිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බවට ද සංවිධායකයන් යෝජනා කර ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart