
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍ය ක්‍රීඩා මාධ්‍යවේදී නිකලස් බෲක්ස් (Nicolas Brookes) විසින් රචනා කරන ලද “An Island’s Eleven – A Story of Sri Lanka Cricket ” කෘතිය එළිදැක්වීම පසුගියදා සිදුවිය. කෘතිය එළිදැක්වීමේ උත්සවයට නිල සත්කාරකත්වය ලබාදෙනු ලැබුවේ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය යි. කෘතිය එළිදැක්වීමේ උත්සවය 2023 මැයි 02 වන දින ගල්කිස්ස හෝටලයේදී පැවැත්විණි.
මෙම කෘතිය කීර්තිමත් ‘MCC ක්‍රිකට් සමාජය සහ MCC වසරේ ග්‍රන්ථය සම්මානය මෙන්ම ලෝක ප්‍රකට විස්ඩන් (Wisden) ක්‍රිකටර්ස් ඇල්මැනැක් විසින් පිරිනමන ‘වසරේ විස්ඩන් ග්‍රන්ථය’සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ.
බ්‍රිතාන්‍ය ජාතිකයකු වන නිකොලස් බෲක්ස්, ක්‍රිකට් ලෝලියෙක්, ලේඛකයෙක් සහ ක්‍රිකට් විශ්ලේෂකයෙක් වේ. කෘතිය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන අරමුණ වූයේ ක්‍රීඩා සහ විනෝදාස්වාදය සඳහා ශ්‍රී ලංකාව ප්‍රමුඛ පෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමයි.
එංගලන්තයේ ලෝඩ්ස් හි පුස්තකාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය පිළිබඳ ගැඹුරු පර්යේෂණයක් කරමින් පොත ලිවීමට තොරතුරු රැස්කරගත් ආකාරය බෲක්ස් එහිදී හෙළිකළේය.
“ශ්‍රී ලංකාව යනු ක්‍රිකට් සහ ක්‍රිකට් යනු ශ්‍රී ලංකාව වන අතර, ක්‍රිකට් ක්‍රීඩාවට දේශීය ජනතාව අතර ඇති ඉමහත් ජනප්‍රියතාවය නිසා ක්‍රිකට් දෙවන ආගම ලෙස අදහන වෙනත් ජාතියක් ලෝකයේ නොමැත.” යැයි බෲක්ස් එහිදී සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart