
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රබල ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 08 කින් පරාජයට පත්කරමින් ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශුරතාව පළමුවරට ජයග්‍රහණය කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් විය.
තරගයේ කාසියේ වාසිය ජයගනිමින් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 165ක් රැස්කළේය.
ස්මිරිති මන්දනා ලකුණු 60ක් ලබා සිටියදී දැවීගිය අතර පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි කඩුලු 02ක් බිඳහෙළීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර18යි පන්දු 04ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 167ක් ලබාගනිමින් තරගය ජයගත්තේ ක්‍රිකට් ඉතිහාසයේ ඓතිහාසික ජයක් වාර්තා කරමිනි.
එහිදි යළිත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දුවාර විස්ස අන්තර්ජාතික පිටියේ 12වැනි අර්ධශතකය රැස්කළ චමරි අතපත්තු ලකුණු 61ක් ලබාසිටියදී දැවිගියාය.
විශ්මි ගුණරත්න දුවද්දී දැවීයාමත් සමග දෙවැනි කඩුල්ලට එක්වූ හර්ෂිතා සහ චමරි ලකුණු 87ක සබඳතාවක් පවත්වනු පවත්වන ලදී.
චමරි අතපත්තු දැවීයාමෙන් පසු ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට රැගෙන ගිය හර්ෂිතා සමරවික්‍රම අන්තර්ජාතික පන්දුවාර විස්ස ක්‍රිකට් පිටියේ 06 වැනි අර්ධශතකය වාර්තා කිරිමට සමත්වූ අතර එහිදී ඇය නොදැවී ලකුණු 69 ක් සහ කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 30ක් රැස්කළහ.
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීමට දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට 20,000කට ආසන්න ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්ව සිටිනු දක්නට ලැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart