
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම නංවාලීමේ අරමුණින් මේ මාසයේදී යෝජිත මනාප වෙළෙඳ ගිවිසුම (PTA) අත්සන් කිරීම සඳහා සාකච්ඡා නැවත ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ඉල්ලා ඇත. මෙහි ඉදිරි පියවරක් ලෙස බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වත්මන් තත්ත්වය සහ ඉදිරි ගමන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අප්‍රේල් 24 වන දින අතථ්‍ය රැස්වීමක් පැවැත්වීමට යෝජනා කර ඇත.
දෙරට අතර මෙම වෙළඳ ගිවිසුම සකස් කිරීම සඳහා අදාළ බලධාරීන් විසින් බලතල සහිත වෙළඳ සාකච්ඡා කමිටුවක් (TNC) පිහිටුවා තිබේ. යෝජිත ගිවිසුම යටතේ, බංග්ලාදේශය මීට පෙර තීරු බදු රහිතව ශ්‍රී ලංකාවට අපනයනය කළ යුතු නිෂ්පාදන 100කට වඩා වැඩි ලැයිස්තුවක් මෙරටට එවා ඇත. අනෙක් අතට, ශ්‍රී ලංකාව බංගලිදේශ වෙළඳපොළට තීරුබදු රහිත ප්‍රවේශය අපේක්ෂා කරමින් භාණ්ඩ 112ක ලැයිස්තුවක් යවා ඇත. 2021 මාර්තු මාසයේදී බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා අවබෝධතා ගිවිසුම් (MoUs) 06ක් අත්සන් කරන ලදී.
මේ අතර බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබූ ඩොලර් මිලියන 200 ක ණය ආපසු ගෙවීමේ කාලය තවත් මාස හයකින් දීර්ඝ කර තිබේ. මීට පෙර, ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ මාර්තු මාසය වන විට ඩොලර් මිලියන 200 ක ණය මුදලේ පළමු වාරිකය ගෙවීමට බංග්ලාදේශයෙන් කල් ඉල්ලා සිටියේ, ඒ වන විට සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂාවෙනි. කෙසේ වෙතත්, එම ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සිදු නොවීය. බංග්ලාදේශය විසින් මෙලෙස තවත් මාස 06 කාලයක් ලබාදී ඇත්තේ එම තත්වය සැළකිල්ලට ගනිමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart