
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් සඳහා ප්‍රතිපාදන සැපයීමට අදාළ සංශෝධිත ගිවිසුම අවසන් කිරීමට ශ්‍රී ලංකාව සහ චීනය සූදානම් වන අතර, ඉදිරි සති කිහිපය තුළ එහි වැඩකටයුතු නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත අනාවරණය කර ඇත.
චීන අපනයන-ආනයන බැංකුවේ (China EXIM Bank) උප සභාපති යැං ඩොන්ග්නින්ග්ගේ නායකත්වයෙන් යුත් ඉහළ මට්ටමේ දූත පිරිසක් නව ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මේ සතියේ දිවයිනට පැමිණි අතර, ඔවුහු මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානීන් හමුවූහ.
මෙහිදී මූලික වශයෙන් සාකච්ඡාවට බඳුන් වූයේ චීන EXIM බැංකුවේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ සංශෝධිත මූල්‍ය ගිවිසුම සකස් විය යුතු ආකාරය පිළිබඳවයි.
ව්‍යාපෘතිය ප්‍රමාද වීම හේතුවෙන් ගෙවීමට සිදුව ඇති දඩ මුදල් මෙන්ම වසර ගණනාවක් තිස්සේ රුපියල අවප්‍රමාණය වීම නිසා ඉහළ ගිය පිරිවැය සහනදායී කොන්දේසි යටතේ ගෙවීම් කිරීමේ ක්‍රමවේදයන් ද ඊට ඇතුළත් වේ.
“ව්‍යාපෘති ප්‍රමාද වීම නිසා පිරිවැය ඉහළ ගොස් තිබෙනවා, ඒ වගේම අපිට දඩ මුදලක් ද ගෙවීමට සිදු වෙනවා. මේවා සහනදායී පදනමක් මත ආපසු ගෙවිය හැකි වන පරිදි දැනට සාකච්ඡා කරමින් පවතිනවා,” යැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගයක් සඳහන් කර ඇත.
EXIM බැංකු නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡා සාර්ථක වූ බැවින් කඩිනමින් වැඩ ආරම්භ කිරීමට රජය බලාපොරොත්තු වන බව ද එම ආරංචි මාර්ග පවසයි.
පසුගිය සතියේ සාකච්ඡා කර එකඟ වූ ආපසු ගෙවීමේ ක්‍රමවේද ඇතුළත් සංශෝධිත ගිවිසුම ද රැගෙන EXIM බැංකුවේ තවත් දූත පිරිසක් මෙම මස අවසානයේදී දිවයිනට පැමිණීමට නියමිතය.
ඒ අනුව, චීන EXIM බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් සහ ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 438 ක් වශයෙන් මුළු ප්‍රතිපාදන යොදවමින් මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කෙරේ.
ව්‍යාපෘතිය 2028 සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිත අතර, එහි කොන්ත්‍රාත්කරු ලෙස චීන මෙටලර්ජිකල් කෝපරේෂන් (MCC) ආයතනය තවදුරටත් කටයුතු කරනු ඇත.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 37 ක දිගින් යුත් කඩවත-මීරිගම කොටසේ වැඩකටයුතු 2022 වසරේ සිට අත්හිටුවා තිබිණි.
මේ වන විට ව්‍යාපෘතියේ වැඩවලින් 51% ක් පමණ අවසන් කර ඇති අතර, වැඩ ආරම්භ කිරීමෙන් පසු මේ වසර අවසන් වන විට එය 65% දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
තවද 2027 අවසානය වන විට 90-95% ක වැඩ ප්‍රමාණයක් ද, ඉතිරි කොටස 2028 දී ද නිම කිරීමට සැලසුම් කර ඇත.
හැකි ඉක්මනින් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට රජය දැඩි උත්සාහයක නිරත වන අතර, නව ගිවිසුම අවසන් කිරීමට ප්‍රමාද වූයේ අවශ්‍ය සියලුම අංශ ආවරණය වන පරිදි ඉතා සූක්ෂ්ම ලෙස සාකච්ඡා කිරීමට සිදු වූ බැවිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart