October 15, 2026

ඒකාබද්ධ විපක්ෂය නම් සංවිධානයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයින් පිටතට රැගෙන යාමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිලිබඳවය.

පහතින් දැක්වෙන්නේ එජාපය නිකුත්කළ එම නිවේදනයයි.

‘බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයින් පිටතට රැගෙන යාමේදී ඇඳ සිටි යුතු ඇඳුම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීම සම්පූර්ණ ඇස් බැන්දුමක් බවත්, එවැනි කමිටුවක කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මීට පෙර පැහැදිලිවම පෙන්වා දෙනු ලැබීය.

මේ කරුණ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විධි විධාන සියල්ලක්ම බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්‍ය නියෝගවල දැනටමත් පැහැදිලිවම සඳහන්ව පවතී.

ඒ පිළිබඳව බන්ධනාගාර පනතේ නිත්‍ය නියෝග 550 හි මෙසේ දක්වා තිබේ.

“යම් අධිකරණ නියෝගයක් මත හෝ වෙන නඩු කටයුත්තක් සඳහා අධිකරණයට ඉදිරිපත්කරනු ලබන වරදකරු කරනු ලැබු සිරකරුවෙකු බන්ධනාගාර නිල ඇඳුමෙන්(සිරකරු ඇඳුමෙන්) අධිකරණයට ඉදිරිපත් නොකළ යුතුය.”
“බන්ධනාගාර වීමට ප්‍රථම සමාජයේ ජීවත් වන විට ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට අනුකූල සිවිල් ඇඳුමක් (හෝ අදාළ සංස්කෘතික / ආගමික පසුබිමට ගැළපෙන වස්ත්‍රයක්) ඇඳීමට ඔහුට අවසර දිය යුතුය.”

බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්‍ය නියෝගවල මේ කරුණ සම්බන්ධයෙන් පැහැදිලිවම සෘජු මඟපෙන්වීමක් කර තිබියදී ඒ ගැන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුව පත් කිරීම හිතාමතාම ප්‍රශ්නය යට ගැසීමට සහ තව තවත් ඇදගෙන යාමට ගත් වංක ප්‍රයන්නයකි. රජයේ මේ අවස්ථාවදී පියවර ද එක්සත් ජාතික පක්ෂය දැඩි පිළිකුලෙන් හෙළාදකී.

එසේම රජය දැන් කළ යුතුව ඇත්තේ ගලගොඩඅත්තේ ඥාණසාර ස්ථවීරයන්ගේ සිවුර ගලවා ඉවත්කිරීම පිළිබඳව සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහා සංඝසභාවේ මහානායක හිමියන් සහ සංඝසභාව හමුවට ගොස් සමාව අයැද සිටීමය.’