
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසිමේ බලාපොරොත්තු තවදුරටත් තහවුරු කර ගැනීම සදහා ඇෆ්ගනිස්ථානය සහ ශ්රී ලංකාව අද පස්වරු 2ට පූනේහිදි තරග වැදීමට නියමිතයි.
මෙම තරගයේදි ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරණයට කුසල් පෙරේරා වෙනුවට ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ක්රීඩා කිරීමට සූදානම් වන බවට ද වාර්තා පළවෙමින් තිබේ.
මේ අතර අබාධයකට ලක්වු ලහිරු කුමාර වෙනුවට කණ්ඩායමට එක්වු දුෂ්මන්ත චමීරද අද ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරග වදිනු ඇත.
කණ්ඩායම් දෙකටම මෙම තරගය සමගින් තරග 4 ක් පවතින අතර ඉන් තරග තුනක් ජය ගැනීම තුලින් අවසන් පුර්ව වටයට පිවිසිමේ අවස්ථාවක් ශ්රී ලංකාවට හෝ ඇෆ්ගනිස්ථානයට උදාකර ගත හැකිය.
ඒ අනුව අද තරගය වඩාත් තීරණාත්මක වන අතර ඉන් පරාජයට පත්වන කණ්ඩායමට අවසක් පුර්ව වටයට පිවිසිමේ අවස්ථාව මග හැරි යනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart