March 1, 2026

බස්නාහිර පළාත් සභාව විසින් කලින් භාවිත කරන ලද ‘ශ්‍රාවස්ති මන්දිරය’ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට භාර දීමට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.

ශ්‍රාවස්ති මන්දිරය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැවරීමට තීරණය කරන ලද්දේ කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 19 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුව විසිනි.

ශ්‍රාවස්ති මන්දිරය බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන කාර්යාලය ලෙස භාවිත කිරීමට පෙර මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස ලෙස වසර ගණනාවක් පවත්වාගෙන ගොස් තිබිණි.

දැන් ශ්‍රාවස්ති ගොඩනැගිල්ල අල්ලස් කොමිසමට ලබාදෙනු ලැබේ.

ඒ අනුව, කුලියට ගත් ගොඩනැගිලිවල දැනට පවත්වාගෙන යන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ කාර්යාල කිහිපයක් ශ්‍රාවස්ති ගොඩනැගිල්ල වෙත ගෙන යෑමට නියමිතය.