
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම ආරක්ෂාව වැඩිකර දෙන ලෙස ක්රීඩා ඇමැති රොෂාන් රණසිංහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියද ඊයේ (12) වන තුරුත් එම විශේෂ ආරක්ෂාව ලබාදීමට කටයුතු කර නොතිබූ බව වාර්තා වේ.
ක්රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමට කටයුතු කිරීමෙන් පසු තමන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් මරණීය තර්ජන එල්ල වෙමින් තිබෙන බවට ඇමැති රොෂාන් රණසිංහ දිගින් දිගටම සදහන් කර තිබේ.
ඒ අනුව ඔහු තමන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇතත් , එය මෙතෙක් ඉටුවී නොමැති බව පැවසේ.
මේ අතර ක්රීඩා ඇමැති රොෂාන් රණසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක පසුවන බවට ද වාර්තා පළවී තිබේ.
ජනාධිපතිවරයාගෙන් මෙන්ම ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ගෙන් ද සිය ක්රියාකලාපය සම්බන්ධයෙන් පුලුල් අනුමැතියක් නොලැබීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගැනීමට යන බවට වාර්තා පළවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart