
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට (12) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේ මෙම හමුව හෙට පස්වරු 1.00 ට පැවැත්වෙන බවයි.
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමඟ මෙම සාකච්ඡාව පැවැත්වේ.
1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වන ‘අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත’ රජය විසින් අගෝස්තු 07 වැනිදා ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කරන ලදී.
මෙම පනත් කෙටුම්පත මඟින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ උපරිම සංඛ්‍යාව 110 සිට 120 දක්වා ඉහළ නැංවීමටත්, ඔවුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 61 සිට 63 දක්වා වැඩි කිරීමටත් යෝජනා කර ඇත.
එමෙන්ම, රාජ්‍ය හා අධිකරණ නිලධාරීන්ගේ (විශ්‍රාම ගැන්වීමේ) ආඥාපනත යටතේ පවතින විධිවිධාන කුමනාකාර වුවද, අනෙකුත් සියලුම විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 62 ලෙස නියම කිරීමට ද එහි යෝජනා කර තිබේ.
කෙසේවෙතත්, රජයේ මෙම පියවරට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මීට පෙර සිටම දැඩි විරෝධය පළ කර ඇත.
ජූලි 29 වැනිදා පැවැති විශේෂ මහාසභා රැස්වීමකදී, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාව නීතිඥ සංගමයේ සාමාජිකයන් විසින් ඒකමතිකව ප්‍රතික්ෂේප කළ අතර, එමඟින් අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි තර්ජනයක් එල්ල වන බවටද අනතුරු ඇඟවීය.
නීතිඥ සංගමය, අධිකරණ සේවා සංගමය, ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් සහ දේශපාලන පක්ෂ කිහිපයක් ඉදිරිපත් කළ විරෝධතා නොතකා, කැබිනට් මණ්ඩලය විසින් ජූලි 27 වැනිදා මෙම පියවර සඳහා අනුමැතිය ලබා දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart