
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026දී ඉන්දියාවේ සහ ලංකාවේ සම-සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, එමගින් මෙරට පිළිබඳව අන්තර්ජාතික වශයෙන් ලැබෙන ප්‍රචාරණය, විදෙස් සංචාරකයන්ගේ පැමිණීමෙහි සිදුවන වර්ධනය ඇතුළු ප්රතිලාභ රැසක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ සම-සත්කාරකත්වය සහිතව පැවැත්වීමට නියමිත 2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීතිවලට අනුව, ඉතා ප්රශස්ත මට්ටමින් අදාළ තරගාවලිය මෙරට තුළ පැවැත්වීම සම්බන්ධව මෙන්ම, මෙරටට පැමිණෙන විදේශීය ප්‍රේක්ෂකයන් මුහුණදෙන ආගමන හා විගමන ගැටලු කෙරෙහිද මෙහිදී අවධානය යොමුකෙරිණි.
එසේම, මෙම තරගාවලිය හේතුවෙන් රටේ ආර්ථිකයට ඇති විය හැකි සුබවාදී බලපෑම සහ උත්පාදනය වියහැකි නව ආර්ථිකමය අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
මෙම තරගාවලිය කොළඹ සහ පල්ලේකැලේ පිහිටි ක්‍රීඩාංගණ තුනක් කේන්ද්‍ර කර ගෙන පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම තරගාවලිය සඳහා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ දායකත්වය ලබාගැනීම පිළිබඳවද එහිදී අවධානයට යොමුවිය.
2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 07 වැනිදා සිට මාර්තු 08 වැනිදා දක්වා කාලය තුළ පැවැත්වේ.
රටවල් 20ක් මෙම තරගාවලිය සඳහා සහභාගි වන අතර, එම රටවල් අතර පැවැත්වෙන තරග විස්සක් පමණ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර ඇත.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්යක්ෂ (ක්‍රීඩා) ලුතිනන් කර්නල් අනුර අබේවික්‍රම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු සහ අදාළ අමාත්‍යාංශවල නිලධාරීහු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ක්‍රිකට් ආයතනයේ ලේකම් බන්දුල දිසානායක සහ භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart