
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් ගෝලීය වශයෙන් ගුවන් ගමන් සඳහා බාධා මතුව ඇති පසුබිමක ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය එරට ඇමරිකානු පුරවැසියන්ට නිවේදනයක් නිකුත් කර තිබේ.
මාර්තු 6 වැනිදා නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ, තත්ත්වය අස්ථාවරව පවතින නමුත් ගුවන් ගමන් අවලංගු කිරීම් හේතුවෙන් බලපෑමට ලක් වූ එක්සත් ජනපද පුරවැසියන්ට හදිසි ආධාර සැපයීමට තානාපති කාර්යාලය සූදානම් බවයි.
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බව තානාපති කාර්යාලය සඳහන් කළේය.
කෙසේවෙතත්, වත්මන් කලාපීය ආතතීන් හේතුවෙන් මැදපෙරදිග හරහා ගමන් කරන ගුවන් ගමන්වලට සැළකිව යුතු ලෙස බලපෑම් එල්ල වී ඇත.
ඇතැම් මාර්ග අර්ධ වශයෙන් නැවත ආරම්භ කර ඇතත්, ප්‍රවේශම් වන ලෙස එක්සත් ජනපද තානාපති කාර්යාලය සංචාරකයන්ට උපදෙස් දී තිබේ.
ප්‍රමාදයන්, අවලංගු කිරීම් සහ මාර්ග වෙනස්කම් පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම් සඳහා මගීන්ට සිය ගුවන් සමාගම් සමඟ සෘජුවම පරීක්ෂා කරන ලෙස ද තානාපති කාර්යාලය ඉල්ලා ඇත.
මැදපෙරදිග ගුවන් අවකාශය මඟ හරින වාණිජ ගුවන් ගමන් විකල්ප කිහිපයක් තවමත් පවතින බව තානාපති කාර්යාලය සඳහන් කළේය.
විකල්ප විධිවිධාන සකස් කිරීමට අමතර කාලයක් අවශ්‍ය විය හැකි සංචාරකයන්ට සහාය වීම සඳහා, ශ්‍රී ලංකා රජය නොමිලේ දින 14ක වීසා බලපත්‍ර දීර්ඝ කිරීමක් ලබාදෙයි.
සංචාරක කටයුතු ආශ්‍රිත සහාය සඳහා, සංචාරකයන්ට 1912 මගින් ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය ක්ෂණිකව ඇමතිය හැකිය.
හදිසි සහාය අවශ්‍ය ඇමරිකානු පුරවැසියන් සඳහා තානාපති කාර්යාලය +94 11 202 8500 යන හදිසි සම්බන්ධතා අංකයක් ද සපයා ඇත.
ඊට අමතරව, බාධා ඇති වූ සංචාරක සැලසුම් සම්බන්ධයෙන් කොන්සියුලර් නිලධාරියකු සමඟ සෘජුවම සාකච්ඡා කිරීමට කැමති පිරිස සඳහා ඇමරිකානු පුරවැසි සේවා ඒකකය සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ප.ව. 1.00 සිට ප.ව. 2.00 දක්වා පැමිණීමට වේලාව වෙන්කර ඇත.
ස්මාර්ට් ට්‍රැවලර් වැඩසටහනට ඇතුළත් වීමට සහ නවතම සංචාරක සහ ආරක්ෂක තොරතුරු සඳහා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ යාවත්කාලීන කිරීම් අනුගමනය කරන ලෙස තානාපති කාර්යාලය එක්සත් ජනපද පුරවැසියන් දිරිමත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart