February 28, 2024

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට එරෙහිව ගෙන ඒමට යෝජිත විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සැළකිල්ලට නොගනිමින් මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මත කරගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර ඇත.

මෙම විශ්වාසභංග යෝජනාවට සහාය පළකරන බව ජාතික ජන බලවේගය සහ උත්තර ලංකා සභාගයද මේ වන විට ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කර ඇත්තේ මෙම විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී පරාජය කරමින් කථානායකවරයා ආරක්ෂා කරන බවයි.