March 19, 2026

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂය විසින් අද කථානායක ජගත් වික්‍රමරත්න වෙත භාරදෙන ලදී.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක විසින් යෝජනාව භාර දුන් බව තහවුරු කෙරිණි.

මෙම යෝජනාවට පාර්ලිමේන්තුවේ සියලුම විපක්ෂ මන්ත්‍රීවරුන් පාහේ අත්සන් තබා ඇත.