
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්පාඤ්ඤය කාන්තා ලෝක කුසලානය දිනාගැනීමෙන් පසු ජෙනී හර්මෝසෝගේ දෙතොල් සිපගැනීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් සමාව ඉල්ලා තිබේ.
ඉරිදා පැවති අවසන් මහා තරගයේදී එංගලන්තයට එරෙහිව ගෝල 1-0ක ජයක් ලැබීමෙන් පසුව ත්‍යාග ප්‍රදානය අතරතුර වේදිකාවේදී රුබියල්ස් ස්පාඤ්ඤයේ ඉදිරිපෙළ ක්‍රීඩිකාව සිප ගත්තේය.
“මම එයට කැමති වුණේ නැහැ,” හර්මෝසෝ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබුණි.
“මම සම්පූර්ණයෙන්ම වැරදියි, මම එය පිළිගත යුතුයි.” සඳුදා රුබියල්ස් පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ එය නරක චේතනාවකින් කළ දෙයක් නොව ඉතා උද්යෝගයෙන් සිටි අවස්ථාවකදී සිදු වූ ස්වභාවික සිද්ධියක් ලෙස තමන් එය සැලකූ බවයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් යම් නොසන්සුන්තාවක් ඇති වී ඇතැයි රුබියල්ස් පවසයි.
“මට සමාවෙන්න ඕන, මේකෙන් ඉගෙන ගන්න, ඔබ සභාපති වූ විට ඔබ වඩාත් කල්පනාකාරී විය යුතු බව තේරුම් ගන්න.” ස්පාඤ්ඤ පාපන්දු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
රුබියල්ස් ස්පාඤ්ඤ රජයේ ඇතැම් ඇමතිවරුන් ද විසින් විවේචනයට ලක් කර තිබූ අතර සමාජ මාධ්‍යවල දැඩි දෝෂදර්ශනයට ලක් විය.
“එය කාන්තාවන් දිනපතා දුක් විඳින ලිංගික හිංසනයකි.” ස්පාඤ්ඤයේ සමානාත්මතා අමාත්‍ය අයිරින් මොන්ටෙරෝ පැවසීය.
එය “අපට සාමාන්‍යකරණය කළ නොහැකි” දෙයක් බවත් මොන්ටෙරෝ වැඩිදුරටත් පැවසීය.
“අපි කැමැත්තෙන් තොරව සිපගැනීම ‘සිදුවන දෙයක්’ යැයි උපකල්පනය නොකළ යුතුයි,” ඇය පැවසුවාය.
ස්පාඤ්ඤයේ ක්‍රීඩා ඇමති Miquel Iceta ස්පාඤ්ඤ ගුවන් විදුලි නාලිකාවක් සමග පැවසුවේ රුබියාල්ස් විසින් හර්මෝසෝ සිප ගැනීම “පිළිගත නොහැකි” බව ය.
සිප ගැනීම සම්බන්ධයෙන් මුලින් අකමැත්ත ප්‍රකාශ කළ හර්මෝසෝ ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් පසුව පැවසුවේ එම අවස්ථාව සුහදත්වයේ අව්‍යාජ ඉඟියක් බවයි.
“එය සම්පූර්ණයෙන්ම ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමෙන් ඇති වන ඉමහත් ප්‍රීතිය නිසා නිරායාසයෙන් සිදු වූ අන්‍යෝන්‍ය ඉරියව්වක් විය,” ස්පාඤ්ඤය වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කර ගෙන සිටින 31 හැවිරිදි ජෙනී හර්මෝසෝ පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart