
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය සතු ව්‍යාපාර (SOEs) ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහන යටතේ ඇතැම් රාජ්‍ය ආයතන ඈවර කිරීමට රජය අවධානය යොමුකරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට අනුකූලව වාණිජමය වශයෙන් සාර්ථකවී නොමැති රජය සතු ආයතන මෙලෙස ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට රජය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පවසන්නේ, ඇතැම් රාජ්‍ය ව්‍යාපාර රජයට බරක් වී ඇති නිසා දීර්ඝ ක්‍රියාවලියක් යටතේ ඒවා ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුව ඇති බවයි.
මේ අතර සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගතකරණය කිරීම යටතේ 300ක් පමණ වන සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට එහි අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි ‘මව්බිම’ පුවත්පත වාර්තා කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart