
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සාලියවැව යාය හතේ බිළිඳාගේ මරණය කැරට් අල කැබැල්ලක් ශ්වාසනාළයේ සිරවීමෙන් සිදුවූවක් බවට ඒ පිළිබදව ඊයේ 12 වැනිදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව සාලියවැව පොලිසිය පැවැසීය.
සාලියවැව යාය හතේ, විජේසිංහ මුදියන්සේලාගේ සවීන් දුල්සඳ උපාද්‍ය විජේසිංහ (වයස මාස 19) නමැති බිළිඳෙක් එසේ මියගියේය.
පසුගිය 11 වැනිදා සවස සිය නිවෙසේ සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවත්, එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වී ඇති මවුපියන් දරුවා 1990 ගිලන් රථ සේවාව මගින් නොච්චියාගම දිසා රෝහලට රැගෙන ගොස් ඇති බවත් කියති.
කඩිනමින් දරුවා නොච්චියාගම දිසා රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවීමට පියවර ගෙන ඇති නමුත්, දරුවා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.
මෙම මරණය සම්බන්ධයන් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.එම්.ඒ.සී. ගුණතිලක පැවැත්වීය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart