January 2, 2024

තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේනට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබේ.

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කෙරන බව සඳහන් ජල පිරිපහදු ඒකකයක් පටන්ගැනීමට අදාළ කටයුතු සඳහා බව පවසා අදාළ ගම්මානයේ පිරිසක් මරණාධාර සමිති ශාලාවකට එක්රැස් කර ඇත.

කෙසේවෙතත් එහි පැමිණි ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන , එස්.එම්.රංජිත්, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත යන පුද්ගලයන් එහි සිටිනු දැක ඔවුන්ට දැඩි විරෝධයක් පළකර තිබේ.

එම අවස්ථාව් එහි සිටි අයෙකු සිය ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණේ මෙලෙසිනි.(අද දෙරණ)