
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයෙන් අඩු තරමින් මන්ත්‍රීවරුන් විස්සක් ආණ්ඩුවට සම්බන්ධ කර නොගතහොත් වෙනම ප්‍රබල අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් වෙන බව දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ඉරිදා ලංකාදීපය’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව ජූලි මස අග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළු කිහිපයක් පැවැත්වීමට විධිවිධාන යොදවා ඇති අතර, පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එම සමුළුවකදී අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබීමට නියමිතය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට යම් කාලයක් ලබා දී ඇති අතර එම කාලය ඉක්මවා යෑමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කෙරෙනු ඇතැයි ද පැවසේ.
සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් සැළකිව යුතු සංඛ්‍යාවක් ආණ්ඩුවට සම්බන්ධ කරගන්නා බවට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු කිහිපදෙනෙක් දේශපාලන වේදිකාවලදී පසුගිය කාලය පුරා ප්‍රකාශ කළහ.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්ගෙන් කර ඇති විමසුමකදී ඔහු පවසා ඇත්තේ, අපේක්ෂකයන් සම්බන්ධ සාකච්ඡා දිගටම පැවැත්වෙන බවයි.
ජනාධිපතිවරණයට ප්රචාරක වැඩ කටයුතු දැනටමත් අරඹා ඇති බවත්, අදාළ සියලුම පක්ෂයේ කාන්තා සහ තරුණ සමුළු ද ඉදිරි මාසයේදී පැවැත්වීමට නියමිත බවත් ලේකම්වරයා පවසා ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා යෝජනා වී ඇති නම් අතරින් ව්‍යවසායක ධම්මික පෙරේරාගේ නම එම පක්ෂ නායකයන්ගේ ඉහළ අවධානයට යොමුවී ඇතැයි ද වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart