March 29, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එක් කොටසක් තම අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවත්, අනෙක් කොටස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්වයට සහාය පළකිරීමත් සමඟ පක්ෂය භේදයක් කරා ගමන් කරමින් සිටින බව වාර්තා වේ.

රාජපක්ෂ පවුලට හිතවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම සිය අපේක්ෂකයා ඉදිරිපත් කරමින් මැතිවරණයට සහභාගි විය යුතු බවට වන සිය ස්ථාවරය තහවුරු කර තිබේ.

පක්‍ෂයේ විධායක කමිටුව රැස්වූ අවස්ථාවේදී එවැනි අදහසක් මතු වූ නමුත් තවමත් මැතිවරණය ප්‍රකාශයට පත්කර නොමැති බැවින් ඒ පිළිබඳව වැඩිදුර සාකච්ඡාවක් සිදුවී නොමැත.

කෙසේවෙතත්, දැනට ආණ්ඩුවේ තනතුරු හොබවන එම පක්ෂයේ මන්ත්‍රීවරුන්වත්මන් ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්වයට ප්‍රසිද්ධියේ සහාය පළකර ඇත.

පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට තරම් දක්ෂ කිසිවකු නොමැති බවත්, එම නිසාඑම පක්ෂය අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජාතික සංවිධායක ධූරයට පත්කිරීම සම්බන්ධයෙන්ද ඔහු ප්‍රසිද්ධියේ විවේචන ඉදිරිපත් කළේය.

ඒ වෙනුවට එවැනි තනතුරක වගකීම බැසිල් රාජපක්‍ෂ සතුව පැවැතිය යුතු බවද ඔහු පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විසින් ජනාධිපතිවරණයට පෙර හදිසි මහ මැතිවරණයක් ඉල්ලා සිටින නමුත් ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කර ඇත.