
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චීනයේදී පැවැත්වූ සාකච්ඡාවල අන්තර්ගතය සම්බන්ධයෙන් එම පක්ෂයට අවබෝධයක් නොමැති බව දැනගන්නට තිබේ.
පසුගිය ජුනි 27 වැනිදා හිටපු ජනාධිපති රාජපක්ෂ බීජිං වෙත පිටත්ව ගියේ නිල සංචාරයක් සඳහාය.
එහිදී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින්ග්, අගමැති ලී චියැන්ග්, විදේශ ඇමැති වැන්ග් යී සහ තවත් කිහිප දෙනෙකු හමුවී තිබිණි.
හිටපු ජනාධිපතිවරයා චීන දේශපාලඥයන් සමඟ කළ සාකච්ඡාවල අන්තර්ගතය පිළිබඳ The Morning පුවත්පත කළ විමසීමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසා ඇත්තේ එම තොරතුරු පිළිබඳ ඔවුන් නොදන්නා බවයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයකට අනුව හිටපු ජනාධිපති රාජපක්ෂ චීනය බලා පිටත්ව ගිය බවත් එහිදී ඔහු චීන ජනාධිපතිවරයා සහ තවත් කිහිප දෙනෙකු හමුවීමට නියමිතව තිබූ බවත් දන සිටියද ඔවුන් සමග සාකච්ඡා කළේ කුමක්දැයි නොදන්නා බව ඔහු ප්‍රකාශ කර තිබේ.
මෙම සංචාරය අතරතුරදී හිටපු ජනාධිපතිවරයා ‘සාමකාමී සහජීවනයේ මූලධර්ම පහේ’ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් බීජිං හි පැවති සමරු උත්සවවලට ද සහභාගී වී තිබිණි.
එහිදී ඔහු චීන ජනාධිපතිවරයා ද හමුවී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ‘X’ හි සටහනක් ද තබා තිබිණි.
ඊට අමතරව චීනයේ විදේශ කටයුතු පිළිබඳ උප ඇමැති Sun Weidong සමඟ ද හිටපු ජනාධිපතිවරයා සාකච්ඡා පවත්වා තිබිණි.
මහින්ද රාජපක්ෂ 2005 සිට 2015 දක්වා සිය ජනාධිපති ධුර කාලය තුළ චීනය සමඟ ශක්තිමත් සහ උපායමාර්ගික සබඳතාවක් පවත්වා ගෙන ගියේය.
හම්බන්තොට වරාය සහ කොළඹ නෙළුම් කුළුණ වැනි ප්‍රධාන ව්‍යාපෘති සඳහා චීන ආයෝජන ඔහු පිළිගත්තේය.
කෙසේවෙතත් එමගින් ණය මත යැපීමට සිදුවීම සහ භූ දේශපාලන වශයෙන් ඇති වී බලපෑම පිළිබඳ විවාදයක් ඇති කර තිබේ.
(The Daily Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart