
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇති වූ අවාසනාවන්ත සිදුවීම් නොසළකා, එවැනි සිදුවීම්වලට හසුනොවී නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳ විශ්වාසය නැතිකර නොගන්නා ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඊයේ (17) පැවැති ජනමාධ්‍ය සාකච්ඡාවකදී SLMA සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග පිළිගත් නමුත්, හුදකලා සිදුවීම් මත පදනම්ව සමස්ත පද්ධතියම විනිශ්චය කිරීම අසාධාරණ බව අවධාරණය කළේය.
යම් නිගමනවලට එළඹීමට පෙර මෙම සිද්ධීන් බාල තත්ත්වයේ ඖෂධවලට සම්බන්ධදැයි සොයා බැලීම සඳහා නිසි පරීක්ෂණ පැවැත්වීමේ වැදගත්කම ඔහු එහිදී පෙන්වාදුන්නේය.
එබැවින් දිගටම රජයේ රෝහල්වලින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වෛද්‍ය ආරියරත්න ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
“මෙහිදී රජයට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට ප්‍රධාන කාර්ය භාරයක් පැවරී තිබෙනවා. ඔවුන් ඉහළම ගුණාත්මක බවින් යුත් ඖෂධ පමණක් මහජනතාවට ලබාදීම සහතික කළ යුතුයි” යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart