
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය සතියේ මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක් ද අර්බුදයට ලක්ව තිබිණි.
ඒ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.
එය පැවතියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේය.
ඔහු විසින් පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකයන් තිදෙනකු, එනම් ඇමැති මහින්ද අමරවීර, දුමින්ද දිසානායක සහ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සාමාජිකත්වයෙන් නෙරපා හරින ලදී.
මේ වන විට එම තිදෙනා අධිකරණයට ගොස් ඇත.
මෙම පියවරෙන් පසු තවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සිරිසේනගේ නායකත්වය අභියෝගයට ලක්කරමින් අධිකරණයට ගොස් තිබේ.
අධිකරණ නියෝගයක් මත ඔහුගේ නායකත්වය නඩුව තීරණය කරන තුරු අත්හිටුවා ඇත.
ජනාධිපතිවරනයකට මාස කිහිපයක් තිබියදී නීතිමය ගැටුම් කරළියට පැමිණ තිබේ.
මේ අතර ඇමැති නිමල් සිරිපාල ද සිල්වාගේ කැඳවීමට අනුව හෙට ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය කොළඹදී රැස්වනු ඇතැයි වාර්තා සඳහන් කරයි.
මේ සියලු ගැටුම් මධ්‍යයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, ශ්‍රීලනිපය ප්‍රමුඛව ඉදිරි මැතිවරණ වෙනුවෙන් ගොඩනගන නව සන්ධානයේ නායකත්වය ලබාගැනීමට කැමැත්ත පළකර ඇතැයි දැනගන්නට ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart