
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ අලි – මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන ‘හස්ති සේනා’ මෙහෙයුම අද (02) වයඹ වනජීවී කලාපයේ ගල්කිරියාගම ප්‍රදේශයෙන් ආරම්භ කරන ලදී.
පරිසර අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම මෙහෙයුම, අලි ඇතුන්ගේ ජීවිතවලට එල්ල වන තර්ජන අවම කිරීම සඳහා විද්‍යාත්මක හා සැලසුම්සහගත වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක වේ.
ආරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ පරිසර අමාත්‍යවරයා සඳහන් කළේ, අනතුරට ලක්වීමේ අවදානමක් පවතින අලි ඇතුන් 17 දෙනකු මූලික කරගනිමින් මෙම මෙහෙයුම ආරම්භ කළ බවයි.
අලි ඇතුන් ජීවත්වන ප්‍රදේශවලින් සියයට 80ක් පමණ ආවරණය වන පරිදි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඉතිරි සියයට 20ක ප්‍රදේශය ද වෙනම වැඩපිළිවෙළක් යටතේ ආවරණය කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අලි ඇතුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන අනවසර ගිනි අවි, හක්කපටස්, අනවසර විදුලි රැහැන් සහ මදු සම්බන්ධයෙන් වැටලීම් හා නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද මෙම වැඩපිළිවෙල යටතේ සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට වයඹ පළාත භාර වනජීවී අධ්යක්ෂ පුෂ්පන්ත විමලදාස, පරිසර අමාත්‍යාංශයේ උපදේශක රවින්ද්‍ර කාරියවසම් සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් වැඩසටහනට සහභාගී වූහ.
ඒ අතර, 21 වැනි සේනාංකයේ මේජර් ජෙනරාල් කමින්ද සිල්වා, 212 වැනි බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බස්නායක සහ ලුතිනන් කර්නල් අබේවික්‍රම ද ඒ සදහා එක්ව සිටියහ.
හමුදා සාමාජිකයන් 60 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙහෙයුමට දායක වූ අතර, කණ්ඩායම් හයක් යටතේ ක්‍රියාත්මක වන මෙහෙයුම් කණ්ඩායම් 10ක් ද මෙයට එක්විය.
හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්නගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම දිවයින පුරා ක්‍රියාත්මක වනු ඇත.
අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ අලි – මිනිස් ගැටුම අවම කිරීම අරමුණු කරගත් ‘හස්ති සේනා’ මෙහෙයුම, අදාළ රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශවල සහයෝගයෙන් විද්‍යාත්මක හා සැලසුම්සහගත ක්‍රියාමාර්ග ඔස්සේ අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart