
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු මෙරට ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රූප උපයෝගී කරගනිමින් කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් සකස් කළ ව්‍යාජ වීඩියෝ (Deepfakes) අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට අනතුරු අඟවයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ, මෙම ව්‍යාජ වීඩියෝ මූල්‍ය වංචා සඳහා යොදාගන්නා බවයි.
එහිදී ඉහළ ලාභාංශ ලබා දෙන බව පවසමින් විවිධ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරන ලෙස මෙම නායකයන් සහ ජනප්‍රිය පුද්ගලයන් ජනතාවගෙන් ඉල්ලා සිටින අයුරු අසත්‍ය ලෙස නිරූපණය කර ඇත.
ලැබී ඇති පැමිණිලිවලට අනුව, මෙරට ප්‍රසිද්ධ ක්‍රීඩකයන් ඇතුළු තවත් කැපී පෙනෙන පුද්ගලයන් රැසකගේ රූපද මේ සඳහා අවභාවිත කර තිබේ.
මෙම මූල්‍ය ආයෝජන වංචාවලට අමතරව, රැකියා අවස්ථා, රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති පිළිබඳව වැරදි තොරතුරු සහ අසත්‍ය ප්‍රචාරයන් පැතිරවීම සඳහාද මෙවැනි ව්‍යාජ AI වීඩියෝ යොදාගෙන ඇති බව අනාවරණය වී ඇත.
මෙම වීඩියෝ සමඟ පුද්ගලික දත්ත සහ මුදල් සොරකම් කිරීම සඳහාම සකස් කරන ලද ව්‍යාජ වෙබ් අඩවිවලට පිවිසෙන සබැඳි (Links) ඇතුළත් කර ඇති බැවින්, ඒ පිළිබඳව දැඩි ලෙස විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට දැනුම් දෙයි.
එවැනි සබැඳි වෙත පිවිසීමෙන් හෝ තම සංවේදී තොරතුරු එහි ඇතුළත් කිරීමෙන් වළකින ලෙස නිලධාරීන් අවධාරණය කරන අතර, මෙමඟින් අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල විය හැකි බවද ඔවුහු පෙන්වා දෙති.
එබැවින්, මෙවැනි අසත්‍ය තොරතුරු සහ අන්තර්ජාල මූල්‍ය වංචාවලට හසු නොවී, නිරන්තරයෙන් අවධානයෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පාරිභෝගිකයන්ගෙන් සහ සමස්ත මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart