
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට තුළ ණය ගෙවීම් පැහැර හැරීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි, ශ්‍රී ලංකා බැංකු සංගමය සඳහන් කරයි.
ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) යනු දිවයිනේ සියලුම වාණිජ බැංකු නියෝජනය කරන ප්‍රධාන සංගමය වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නියාමන රාමුව තුළ බැංකු පද්ධතියේ ස්ථායිතාව වර්ධනය කිරීමට සහ පවත්වා ගැනීමට උපකාර කිරීම ශ්‍රී ලංකා බැංකු සංගමයේ ප්‍රධාන අරමුණ වේ.
මෙම අවදානම මගහැර ගැනීම වෙනුවෙන්, ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් නිසි ව්‍යුහගත රාමුවක් රජය විසින් සකස් කළ යුතු බවද එම සංගමය අවධාරණය කරයි.
කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (SMEs) සඳහා ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම කෙරෙහි පාර්ලිමේන්තුව අවධානය යොමු කළ යුතු බවද එම සංගමය යෝජනා කර ඇත.
2023 මාර්තු 31 වන විට බැංකු අංශය විසින් ලබා දී ඇති ණය ප්‍රමාණය දළ වශයෙන් රුපියල් ට්‍රිලියන 10.8 ක් වන අතර, පසුගිය වසර තුන තුළ ලබා දී ඇති සහන, ප්‍රතිව්‍යුහගත කිරීම් සහ අනෙකුත් ගෙවීම් මඟින් රුපියල් ට්‍රිලියන 02 ඉක්මවා ඇති බවද බැංකු සංගමය සඳහන් කරයි.
එමෙන්ම බැංකුවලින් ණය ලබාගන්නා ඇතැම් ව්‍යාපාරවලට සහ පුද්ගලයන්ට දැනට තම වගකීම් නිසි ලෙස ඉටු කිරීමට නොහැකි බව සංගමය පිළිගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart