
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබේ.
ශ්‍රී ලංකාව ප්‍රකාශකර ඇත්තේ එවැනි වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් නියම කර නොමැති බවයි.
එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ ඇති වූ සන්නද්ධ ගැටුම 2009 වසරේ මැයි 18 වැනිදා අවසන් වීමට ආසන්න දිනක් සම්බන්ධයෙන් වාර්තාව ඉදිරිපත් කළ කාලය පිළිබඳව ද ප්‍රශ්න මතු කර තිබේ.
‘ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සඳහා වගවීම’ යන මාතෘකාව යටතේ පිටු 45කින් යුත් වාර්තාවක් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් පසුගිය සිකුරාදා නිකුත් කරන ලද අතර, ශ්‍රී ලංකාවේ අඛණ්ඩව පවතින වගවීමේ දුර්වලතා ගැන සඳහන් කරමින් ඒ සඳහා දේශීය මට්ටමින් ‘අලුත් ක්‍රියාමාර්ගයක්’ එම වාර්තාවෙන් ඉල්ලා තිබේ.
මෙම ප්රශ්නය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අන්තර්ජාතික ප්‍රජාව සමඟ සම්බන්ධ විය යුතු බවත්, විශ්වීය අධිකරණ බලය හෝ වෙනත් අධිකරණ බලතල භාවිත කරමින් විමර්ශන සහ නඩු පැවරීම් සඳහා දිරිගැන්වීම සහ ඉලක්කගත සම්බාධකවල අවශ්‍යතාව පිළිබඳව වාර්තාව ඉල්ලා සිටී.
විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ වාර්තාවේ වකවානුව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ චෝදනා පිළිබඳ සමස්ත ප්‍රශ්නයම දේශපාලනීකරණය කරන බව පෙනෙන්නට ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ (ජිනීවා) තානාපති හිමාලී අරුණතිලක මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ට වෙත ලිපියක් යවමින්, මෙම වාර්තාව නිකුත් කිරීමට ඔහුගේ ඒකපාර්ශ්වික මුලපිරීම එහි අභිප්‍රාය ප්‍රශ්න කර තිබේ.
එක්සත් ජාතීන්ගේ ඕනෑම වාර්තාවකට සිරිත් පරිදි කතෘවරයකු සහ අංකයක් තිබිය යුතු වුවද මෙහි එවැන්නක් නොමැති බව ද දැනගන්නට තිබේ.
වාර්තාවේ එක් විශේෂත්වයක් නම්, පළමු වතාවට, ජවිපෙ විසින් ඩසියවසකට වැඩි කාලයකට පෙර නායකත්වය දුන් 1971 කැරැල්ල සහ 1987 සිට 1989 දක්වා දෙවැනි ජවිපෙ කැරැල්ලේ දී ‘අතුරුදහන් වූ’ අය ගැන එක්සත් ජාතීන් විසින් සඳහනක් ගෙන තිබීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart