
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉහළ අධිකරණවල පවතින විනිසුරු පුරප්පාඩු අට පිරවීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම්, වත්මන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පසුබට නොවන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ අජිත් පී. පෙරේරා පවසයි.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති දේශපාලන සංවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේය.
ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝග යෝජනාවක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 113 දෙනාගේ බහුතරය මේ මොහොතේ විපක්ෂයට නොමැති වුවද, සමස්ත ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ නීතිමය හා දේශපාලන හැකියාව තමන් සතු බව හෙතෙම පෙන්වාදුන්නේය.
සංවාදය මෙහෙයවූ ජනමාධ්‍යවේදියා විසින්, “එවැනි යෝජනාවක් රැගෙන ආවහොත් කථානායකවරයා එය භාරගනීවිද?” යන්න විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියාසිටියේ, එම තත්ත්වයට මුහුණදෙන ආකාරය නියමිත වේලාවේදී බලාගන්නා බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ අජිත් පී. පෙරේරා පෙන්වා දුන්නේ, ජනතාවගේ ස්වෛරී බලය ක්‍රියාත්මක වන්නේ අධිකරණය හරහා වන අතර, එම අධිකරණ බලයේ පරමාධිපත්‍යය පවතින්නේ පාර්ලිමේන්තුව සතුව බවයි.
නිසි කලට විනිසුරුවරුන් පත්නොකිරීම හේතුවෙන් සමස්ත අධිකරණ ක්‍රියාවලියම බරපතළ ලෙස අඩපණ වෙමින් පවතින බව ඔහු පැවැසුවේය.
මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව තමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ඍජුව ප්‍රශ්න කර ඇති අතර, පාර්ලිමේන්තුව තුළ ද අවස්ථා තුනකදීම මේ වෙනුවෙන් හඬ නැඟූ බව මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart